සජිත් - මෛත්‍රී තීරණාත්මක හමුවක
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් අද (04දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණි.
බරපතල ලෙස කඩා වැටී තිබෙන දේශය ගොඩ නැගීම උදෙසා වූ ‘ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන’ වැඩසටහනේ තීරණාත්මක හමුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැතිවීමට කටයුතු යොදා තිබුණේය.
මෙම සාකච්ඡාවට සී.වී විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යන මහත්වරුන් එක්ව සිටියහ.
මීට අමතරව වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණි වියන්ගොඩ ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක්ද එක්ව සිටියහ.









popular news
-
Lelwala Tuesday, 05 July 2022 04:27 PM
රයිගමය සහ ගම්පලය එකතු වුනා වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

