කෝන්ගෙඩි කමින් සිටියදී කෝන්ඇටයක් සිරවී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවෙකු අද (05දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල සුදුවතුරආර පදිංචි ඔක්කම්පිටිය ගල්ටැම්මණ්ඩිය කනිෂ්ඨ විද්‍යාලයේ තුනවසරේ ඉගෙනුම ලබන ඩී.එම් ලක්ෂිත මධුශාන් (09) නැමති ශිෂ්‍යයෙකි.
මෙම දරුවා ඉකුත් 28 වෙනිදා නිවස අසල පිහිටි කෝන්ගසකින් කෝන්ගෙඩි කඩා නිවසට ගෙනවිත් කමින් සිටියදී කෝන්ඇටයක් සිරවී ඇති අතර පසුව මොනරාගල රෝහලට ඇතුලත්කර ඇත.
රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා මෙලෙස මියගොස් ඇත. මොනරාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක