කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රැදවියෙකු අද (04දා) දහවල් එහි වැසිකිළියක් තුල ගෙලවැලලාගෙන මියගොස් ඇති බවට තොරතුරක් ලැබී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි මොරටුව , මෝල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටී වීරපුගේ අසංක පියුමාල් ප්‍රනාන්දු නමැති 32 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ගෙලවැලලාගෙන ඇති බවට බන්ධනාගාර පාලන අධිකාරීය දැනුම්දී ඇතැයි පොලිසිය පවසයි .
බන්ධනාගාරයේ සී වාට්ටුවේ වැසිකිලියක් තුල ගෙලවැලලාගෙන සිටියදී ඉන් මුදාගෙන කළුතර මහ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි .
මෘත දේහය කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇති බවත්, මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය