දිවයිනේ පුරා ගොවි ජනතාව සමග සාකච්ඡා කර මෙවර යල කන්නයේ වී අස්වැන්න වී මිටිය රුපියල් 10 000ත් 11000ත් අතර මිලකට මිලදී ගන්නා බවත් ගොවිජනතාවත් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම මෙම තීරණය ගන්නා බවත් සහල් නිෂ්පාදනය නොකරන සහල් මෝල් පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට කිසිවෙක් නොමැති වීම ගැන කණගාටු වන බවත් අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ දී අද(04දා) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා
"මේ රටේ උද්ධමනය කියන එක මුලු රටේම ජනතාවට බලපාන දෙයක්.උද්ධමනයේ වැඩිම බලපෑමක් තියෙන්නේ මේ රටේ ගොවි ජනතාවට.වෙනත් රැකියාවක් කරනවා වගේ නෙමෙයි ගොවි නිෂ්පාදන කිරීම සඳහා අද සල්ලි තිබ්බට හොයා ගන්න බැරි තෙල් මූලිකයි.අවශ්‍ය අමුද්‍රව්‍ය උපකරණ අත්හ්යවශ්යයි.
ඩොලර් එකේ මිල ඉහළ යනවත් එක්කම ආහාරපානවල මිල ඉහළ යනවා වාගෙම අනිති මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉහළ යනවා වාගෙම ගොවි උපකරණවල මිල ඉහළ යාමත් ඉතාම දැඩි බලපෑමක් ගොවි ජනතාවට ඇති වෙලා තියෙනවා.ඒ පිළිබඳව දැඩි අවබෝධයකින් මම ඉන්නේ.
මේ රටේ ගොවි ජනතාවගේ වී මිල සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඇති කර ගන්න ඕන නෑ.තමුන්නාන්සේලා තමයි අපිව මෙතෙන් ට ගෙනාවෙත් අපට මතකයි වී වලට ගිණි තියපු,වී වලට සාධාරණ මිලක් නෑ කියලා ගොවි ජනතාව වහ බීපු සියදිවි නසා ගත්ත අවස්ථා රාශියක් මේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අපි අත් දැකලා තියෙනවා.නමුත් අපි අද ගොවියන් ඒ තත්ත්වයෙන් මුදවලා තියෙනවා.ගොවියන්ට අපි ශක්තියක් වෙලා තියෙනවා.ඒක නිසා මේ රටට අවශය බත සපයන ගොවියන්ට කිසි සේත්ම අසාධාරණයක් අයුක්තියක් වෙන්න දෙන්නේ නෑ.බත් කන ජනතාවටත් එහෙම වෙන්න දෙන්නේ නෑ.විශේෂයෙන් ම මේ අවස්ථාවේ.ජනතාව හොඳින් ඉන්න කාලේ අපි ජනතාවගෙන් හරි හම්බ කරලා තියෙනවා.නමුත් ජනතාව අසරණ වෙලා ඉන්න වෙලාවේ,ජනතාවට ප්‍රශ්නයක් තියෙන වෙලාවක අපි ඒ පිළිබඳව හිතලා තීන්දු තීරණ ගන්න ඕන.
අද මෙතන ගොවි සංවිධාන නියෝජිතයින් මහා සංඝරත්නය එකතු වෙලා ඉන්නේ ඒ ගැන කතා කරන්න.මම මේ වෙලාවේ රටේ ගොවි ජනතාවට දෙන පණිවිඩය තමයි ගොවියන්ගේ ගොවි නිෂ්පාදන සඳහා මිල පිළිබඳව කිසිම ගැටලුවක් ඇති කර ගන්න එපා.අපි ඒ පිළිබඳ ව තමුන්නාන්සේලා එක්ක සාකච්ඡා කරලා විසඳුමකට එනවා.දිවයිනේ ම ගොවි සංවිධාන එක තැනකට එකතු කරලා සාකච්ඡා කරලා රජයත් සම්බන්ධ කරගෙන ගොවි ජනතාවගේ වී නිෂ්පාදනය සඳහා මිළ තීන්දු කිරීම සිදු කරනවා.
දැනට පවතින නිෂ්පාදන වියදම සැලකිල්ලට අරගෙන අපි රුපියල් 10 000ත් 11 000ත් අතර මිලකට වී මිටියක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා.මේ වතාවේ ගොයන් කපනකොට ඔක්තෝබර් විතර වෙයි.සැප්තැම්බර් හෝ ඊට ඉස්සරවෙලා ගොවියන්ට සාධාරණ මිලක් ලබා දෙන්න සියලු දෙනාගේම එකමුතුවෙන් තීරණයක් ගන්නවා.ඒක ගැන කිසිම සැකයක් සංකාවක් තියා ගන්න එපා.අපි දන්නවා ගොවියාගේ වටිනාකම මොකද්ද කියන්න.අපට ඒක හොඳට තේරෙනවා.ඒ එක්කම මගේ රටේ ආදරණීය ගොවි ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා අපි සහල් නිෂ්පාදනය කළත් ඔබලා වී නිෂ්පාදනය කළත් අපි මේ රටේ ජනතාවගෙන් යැපිලා තමයි මිලක් මුදලක් ලබා ගන්නේ.රටේ ජනතාව හාල් කිලෝ එකක් ගන්න බැරි අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙන වෙලාවේ අපි ඒ මිල නියම කරන්නේ.රටේ ජනතාවට බත් කන්න පුලුවන් වෙන විදිහටත් තමුන්නාන්සේලා රැකෙන විදිහටත්." යැයි ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.