තම පක්ෂයෙ ඇති වාහන වෙනුවෙන් පක්ෂ සාමාජිකයන් ඉන්ධන හල් තුළ පෝලිම්වල සිට ඉන්ධන ලබා ගන්නා බවත් කිසිම අවස්ථාවක මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් ඉන්ධන ලබාගෙන නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රශ්න කළේ රටේම තෙල් නොමැති අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතාට තෙල් ලැබෙන්නේ කොහොමද යනුවෙනි.
පාර්ලිමේන්තු මනත්රීවරුන්ට නාරාහේන්පිටින් තෙල් ලබාදුන් අවස්තාවේදී මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවෙන් තෙල් ලබාදීමට කථා කළ අවස්ථාවේදීත් තමන් එම අවස්ථා දෙකම ප්‍රතික්ෂේප කළ බවද ඔහු පැවැසීය.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී කොලොන්නාව පර්යන්තයෙන් සුඛෝපභෝගි වාහන ඉන්ධන ලබාගෙන තිබුණ බවත් ඔහු පැවැසීය.
අමාත්‍ය කංචන විජේසේකර මහතා එම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.