අලුත්ගම අයි.ඕ.සී. ඉන්ධනහලට දින 7 කින් ඉන්ධන නොලැබීම හේතුවෙන් පෝලිම්වල සිටි ජනතාව අද (4දා)විරෝධතාවයක නිරත වූහ.
අලුත්ගම ඉන්ධනහලට කිලෝමීටර් 2 ක දුරින් කළුවාමෝදර පාලම දක්වා ඩීසල් සහ පෙට්රල් වාහන දින ගනනාවක සිට ගාලු පාරේ නවතා තිබෙන පෝලිමේ ජනතාව තමන්ට ඉන්ධන නොලැබීමේ පීඩනය හේතුවෙන් මෙසේ විරෝධතාවේ නිරත විය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
