මන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙතට ගොස් සිහිසුන්ව මුහුදු වෙරලේ වැටී සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවල ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03දා) මිය ගොස් ඇතැයි ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් පවසති.
පසුගිය ජුනි මස 27 වනදා මෙම අඹුසැමි යුවල මන්නාරමේ සිට කුඩා යාත්‍රාවක් මාර්ගයෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙතට ගොස් සිටියදී අධික වෙහෙසකාරී තත්ත්වය හේතුවෙන් සිහිමුර්ජා වී වෙරලේ වැටී සිටියදී ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් වහා ක්‍රියාත්මක වී එම යුවල රාමනාදපුරම් රජයේ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබුණි.
මන්නාරම මුරුංගන් ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පරමේෂෟවරී සහ 74 හැවිරිදි සිවන් යන අඹු සැමි යුවල ප්‍රතිකාර ලබමින් සිටයදී පළමුව සැමියා මිය ගොස් ඇති අතර පසුව පැය 4 කට පුසව බිරිඳද මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කොට තිබුණි.
මිය ගිය අය නිරාහාරව සිටීම මත සිරුර දැඩි සේ දුර්වල වී තිබූ බවටද රෝහල් වෛද්‍යවරුන් පවසා ඇති අතර මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කොට ඇතැයිද වාර්ථා වෙයි.
කෙසේ වෙතත් මෙම අඹුසැමි යුවල ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේදී රෝහල වෙතට එරට බලධාරීන් කිහිප දෙනෙකුද පැමිණ රෝගි තත්වය පිළිබඳ විමසා ඇතැයිද වාර්ථා වන අතර වයෝවෘද්ද අඹුසැමි යුවලගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයක් පිළිබඳව මෙතෙක් ඉන්දීය බලධාරීන් ප්‍රකාශයක් සිදුකොට නොමැත.