මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ පියගමදී දුම්රියක හැපී සත් හැවිරිදි ගැහැණු දරුවකු අද (28) පෙරවරුවේදී මියගිය බව කොස්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ පියගම පදිංචි දරුවෙකු බවද පොලිසිය කියයි.
මාතර සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක මේ දරුවා ගැටී ඇති බවද පොලිසිය කියයි.
දරුවා දුම්රිය මාර්ගය හරහා පැනයාමට තැත් කිරීමේදී මේ අනතුරට ලක්වී ඇති බවද පොලිසිය කියයි.
කොස්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත