රට බංකොලොත්වීමෙන් ආරක්ෂා විම සඳහා ඉන්ධන මිල වැඩිකිරීමට සිදුවූ බව පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහෙබාස් ෂරීෆ් පවසයි.
පාකිස්තානය බ්‍රහස්පතින්දා සිය ඉන්ධන මිල ඉහළ දැවීමට කටයුතු කළ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම වෙනුවෙන් කරන්නාවූ ප්‍රතිසංස්කරණ වල එක් ක්‍රියාමාර්ගයක් වෙයි.
එසේම ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජයට චෝදනා කිරීමට ඔහු කටයුතු කළේය.
ෂරීෆ් මෙහිදී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට ගොස් එහි කොන්දේසිවලට එකඟවූයේ එම රජය බවයි.