කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු අද (28දා) පස්වරුවේ ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හීනටියන්ගල, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් සාදික් නැමැති 63හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.
භූමිතෙල් ලබා ගැනීම සඳහා උතුරු කළුතර පිරවුම්හලේ දිගු පෝලිමක රැඳී සිටි ඔහු ඊයේ පස්වරු 02.00ට පමණ ඇද වැටී ඇති අතර, එහිදී ඔහුව 1990 ගිලන් රථයෙන් කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මෙම පුද්ගලයා රෝහල වෙත රැගෙන එන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරු දැනුම් දී ඇතැයි පොලීසිය පවසා සිටියේය.
පානදුර - සුමිත් පොතුපිටිය