රඹුක්කනදී විරෝධතායේදි පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මිය යෑමේ සිද්ධියට අදාලව කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ද, සෙසු පොලිස් කොස්තාපල්වරුන් මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදී ද, අත්අඩංගුවට ගෙන තිබේ.