වැඩ වර්ජනයේ අරමුණ තම තමන්ගේ දේශපාලනඥයා සතුටු කරමින් බඩු මිල ඉහල යෑමෙන් පීඩාවට පත්ව සිටින ජනතාව කබලෙන් ලිපට වැට්ටවීම නම් එවැනි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට තම සංගමය සහය නොදෙන බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (28දා) පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෘත්තිය සමිති වැඩ වර්ජනයට තම සංගමය එකතු නොවෙන බවට මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා රජයේ රෝහල්වල ප්‍රතිකාර සඳහා දේශපාලඥයින් නොපැමිණෙන බවත් ඔවුන් යන්නේ mount elizabeth රෝහල්වලට බවත් පැවසීය.
එවැනි තත්වයක් යටතේ ගෑස් මිල ඉහළ ගොස් ,විදුලිය ගැටලුවලට මුහුණ දී කිරිපිටි නිසා මෙන්ම බඩු මිල ඉහළ යෑමෙන් පීඩාවට පත්වූ ජනතාවට තවත් හිංසා කිරීම තම සංගමය අරමුණ නොවන බව ඒ මහතා පැවසීය.
වෘත්තිය සමිති ඒ ආකාරයෙන් ජනතාව පීඩාවට පත්කොට විවිධ දේශපාලන පක්ෂ සඳහා සහාය දැක්වීම හරිම ඛේදවාචකයක්යක් බව ද පැවැසීය.
දෙසිය විසි පස් දෙනාම අවශ්‍ය නොවේ යැයි පවසමින් වෘත්තීය ක්‍රියාමාර්ග වල නියැලෙන බොහොමයක් වෘත්තීය සමිති නායකයින් හැන්දෑවට දේශපාලනඥයන්ගේ කේක් කපා මධුවිතෙන් සප්පායම් වන බව සඳහන් කළ වෛද්‍යවරයා මෙයින් පීඩාවට පත්වන්නේ රෝගීන් පමණක් බවද පැවසීය.
නිර්පාක්ෂික යැයි පවසා ගන්නා බොහොමයක් දෙනා විවිධ පාක්ෂිකයින් සතුටු කරන බව සඳහන් කළ වෛද්‍යවරයා අද දින වන විට අලුත් විදිහට සිතන බව පවසමින් අලුත් යයි කියා ගන්නා බොහොමයක් පිරිස් පරණ ක්‍රමයටම තම ජනතාව පීඩාවට පත් කරමින් සිටින බව ඒ මහතා පැවසීය.
එම වැඩ වර්ජනයට වෘත්තිය සමිති දාහක් සම්බන්ධ වන්නේ යැයි මාධ්‍යයන් වෙත විවිධ අදහස් පළ කරන ඇතැමුන් හට කීමට ඇත්තේ වෘත්තිය සමිති දාහක් ලියාපදිංචි වී තිබේ ද එවැනි වෘත්තිය සමිති සක්‍රිය මට්ටමේ පවතිනවා ද යන්න සොයා බැලීම කළ යුතු බවයි.
ව්‍යාජ කරුණු මත ජනතාව පිඩා කරමින් කටයුතු කිරීම තුළින් හෘද රෝගියෙකුට රෝහල් තුළ ඖෂධ නොමැති බව සඳහන් කිරීම තුළින් ඇතිවන මානසික ආතතිය නිසා ද ඔවුන් මිය යාමට හැකි බව ද වෛද්‍යවරයා පැවැසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා
