ජනතාවගේ බදු මුදල් හොරා කෑ දූෂිත ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් අද (28 දා) අනුරාධපුරයේ නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත් වූහ.
අනුරාධපුර නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයක් ඔස්සේ අනුරාධපුර නව බස්නැවතුම් පල අසල පිහිටි ගෝඨාගෝගම ශාඛාව අසලට පැමිණි දහස් සංඛ්‍යාත විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයේ නිරත වූහ .
මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් මෙන්ම ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ .


