වරාය කටයුතු සුපුරුදු ලෙස සාමාන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පවසයි.
ඒ අනුව, කොළඹ වරායේ සහෝදර පර්යන්ත වන CICT හා SAGT පර්යන්ත සේම ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් JCT පර්යන්තයේ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුවෙයි.
සේවකයින් හට සේවයට වාර්තා කිරීමේ දී සිදුවන අපහසුතාවයන් මගහැරීම වෙනුවෙන් ද සිය ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රවාහන පහසුකම් ද සැපයීමට කටයුතු කර ඇත.