මනුෂ්‍ය ඝාතන 8 කට චෝදනා එල්ලවී ඇති, වසර 19 ක් සිරගතව සිට පැමිණි අපරාධකරුවකු මෙහයවන යතුරුපැදි සහ රන්මාල කොල්ලකන සිව්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක සොර කල්ලියක් ඊයේ (28දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, පයාගල සහ වරකාගොඩ ප්‍රදේශවල පදිංචි 21, 24, 40 සහ 49 හැවිරිදි පුද්ගලයින් බව පැවසේ .
උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතාට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මහමග ගමන්ගත් කාන්තාවන් බියගන්වා කොල්ලකන ලද රන්මාල 2 ක් සහ යතුරුපැදි 3 ක් සොයාගත් බව වැටලීමට එක්වූ නිලධාරීයෙක් පැවසීය.
පානදුර, කළුතර , හොරණ සහ මතුගම ප්‍රදේශවල කොල්ලකෑම් සිදුකර ඇති බවට හදුනාගෙන ඇති බවත්, යතුරුපැදි වල අංක තහඩු සහ චැසි අංක ව්‍යාජ ලෙස වෙනස්කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය
