ජනමතයට හිස නොනමන , මිනීමරු ජනපීඩක ආණ්ඩුව පන්නමු ! ජනතා සටන දිනවමු යන්න තේමා කර ගත් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (28දා) කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිට දී පැවැත්විණි.
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබූ අතර එයට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ .
ඔවුන් අද දින තම කර්මාන්තශාලා තුළ සේවය නොකරමින් මෙම විරෝධතා ව්‍යාපාරයට එක් වී සිටියහ .
මෙම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය අද සවස 05.00 පමණ වන තෙක් පැවැත්වීමට මෙම සංවිධායකවරුන් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
මොවුන්ගේ මෙම විරෝධතා ව්‍යාපාරයට සහාය දැක්වීමට කටුනායක ඇවරිවත්ත නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා තිබේ .