saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5783 hours ago

LATEST

මිලී මීටර් 100ක් දක්වා තද වැසී

calendar_today 2022 පෙබ 12 - 16:37 remove_red_eye - 637  

ඉදිරී පැය 36 තුළදී දිවයි‌නේ ඇතැම් ප්‍ර දේශවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ වීද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක ‌‌වෙන්දේසියේදි ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීිය රුපියල් කෝටි 10.75 මිලකට (ශ්‍රීී ලංකා රුපීයල් 28.81 ) මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

Read More

මෙවර ඉන්දීය ප්‍රිිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට වාර්තා ගත ඉල්ලුමක් ලැබී තිබේ.

Read More

පෙබරවාරි මාසයේ මුල් දින 10 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 30,000 පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඊයේ නිකුත් කළ දත්ත වලට අනුව, පෙබරවාරි 01 සිට 10 දක්වා සංචාරකයින් 31,343 ක් පැමිිණ තිබේ.

Read More

රටේ ඉදිරි ප්‍රශ්න විසදන්න ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවිහිමියෙන්ම කැපවී වැඩකරනවා. මේ රට ගොඩගන්න පුළුවන් එකම නායකයාත් එතුමායි. අපි ජනතා මුදල් වලින් රට රටවල සංචාරවල ගියේ නැහැ. වෙන අනවශ්‍ය දේ සදහා මුදල් වියදම් කරලත් නැහැ. රටේ නායකයා දෙන ආදර්ශය ඉදිරියට ගෙන ගොස් රට යළි ගොඩ ගැනීම අපේ ඒකායන අරමුණයිි

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස මීලියන 6 ඉක්මවා තිබේ. මේ අනුව අද පෙවරුව වන විට පුද්ගලයන් 6 048 537ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තීබේ.

Read More

ශ්‍රීී ලංකාව තවමත් තමන්ගෙන් මූල්‍යමය සහායක් ඉල්ලා නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. එහිි මාධ්‍ය ප්‍රකාශක ගැරීී රයිස් මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිතිපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

Read More

විදුලි බල සැපයුම හා රෝහල්වල, සාත්තු නිිවාස වල බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීීම හා පිිළගැනීීම, පෝෂණය කිරීම, රැක බලා ගැනීම හා ප්‍රතිකාර කිරම හා සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවා විස්තරයක සියලුම සේවා, වැඩ, ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවා කරමිින් අතිි විශේ්‍ෂ ගැසට් නිවේදනයක් නකුත් කර තබේ.

Read More

2021 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇ.ඩො.බිලියන 2.24ක් ලෙස සටහන් වූ අතර, එය 2020 දෙසැම්බර් මාසයේදී සටහන්ව තිබුණේ ඇ.ඩො.බිලියන 1.52ක් ලෙසිනි. ඒ අනුව, මෙය 46.8%ක සැලකිය යුතු ඉහළ යෑමකි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා අවධාරණය කරන්නේ, තවත් කොරෝනා ප්‍රභේද අපේක්ෂා කළ හැකි බැවින්, වසංගතය අවසන් වී නොමැති බව සියලු දෙනා තේරුම්ගත යුතු බවයි.

Read More

පවතින විදේශ විනිමය හිඟයෙන් ජනතාවට සිදුවන බලපෑම අවම කිරීම රජයේ අරමුණ බවත්, රජය ලබාදෙන සහන ජනතාවට නොලැබීමේ තත්ත්වයට පිළියම් සෙවිය යුතු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපතිවරයා ඇතුලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කටයුතු කර තිබේ.

Read More

qRT-PCR හි මෙවලම් කට්ටලය හෝ ප්‍රමාණාත්මක ප්‍රතිලෝම පිටපත් කිරීමේ පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව මෙන් නොව, උපාංගයට න්‍යෂ්ටික අම්ල නිස්සාරණය සහ විස්තාරණ ක්‍රියා පටිපාටි අවශ්‍ය නොවන අතර, එමඟින් පරීක්ෂණ කාලය සැලකිය යුතු ලෙස කෙටි වන බව පර්යේෂකයෝ පැවසූහ.

Read More

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ Tantri Trailers සමාගම අවබෝධතා ගිවිසුමකට එලැඹෙයි.

Read More

ඔමික්‍රෝන් කොවිඩ්-19 ප්‍රභේදය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බැවින් වසංගතය ආරම්භ වීමෙන් පසුව ප්‍රථම වතාවට රුසියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 200,000 ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

පොලිස් විශේෂ කාර්ය බලකාය හා ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගිය අබ්බාගේ මරණය සම්බන්ධයෙන් එම අවස්ථාවේ එතැන සිටිය බව කියමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා පෙබරවාරි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද (11දා) නියෝග කළේය.

Read More

යුක්රේනය ආසන්නයේ රුසියානු හමුදා ඒකරාශී වීම මෙන්ම, නේටෝ හමුදාවන්ගේ ක්‍රියාකලාපයන් සමග යුද උණුසුමක් වර්ධනය වීම මධ්‍යයේ මීට සෘජුවම සම්බන්ධ පාර්ශ්වයන් දෙක සිදුකරන පළමු වැනි සාකච්ඡාව මෙය වෙයි.

Read More

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල බතීගම මැල්පුර ප්‍රදේශයේදී අද (11දා) පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් රියැදුරකු මියගොස් තවත් 10 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.

Read More

ඕනෑම ගැබ් ගැනීමක් සඳහා එය අසාමාන්‍ය ප්‍රතිඵලයක් වන නමුත් කොවිඩ්-19 සහිත කාන්තාවන් ඉහළ අවදානමකට මුහුණ දෙන බැවින්, පර්යේෂකයන් විශ්වාස කරන්නේ කොවිඩ්-19 මර්දන එන්නත් මගින් මෙම අවස්ථා වළක්වා ගත හැකි බවයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් න්‍යාය අනුව ලකුණු 20කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයිි20 තරගය ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

මෙරට පිහිටි ප්‍රධාන තිරිඟු පිටි සමාගම් විසින් තමන්ගේ ඉල්ලුමට සරිලන තිරිඟු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතු වලට බාධා පැමිණ ඇති බව හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් සහ සිල්ලර සහ තොග වෙලදුන් පවසති.

Read More

පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිතව ඇති වැදගත් ලිපි තොගයක් පිංවත්ත ශාන්ති මාවතේ මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක් ආසන්නයේ තිබීයදී ඊයේ (10දා) පිංවත්ත පොලීසිය විසින් සොයාගන්නා ලදී.

Read More

බලපත්‍ර නොමැතිව මස් පිණිස ඝාතනය කිරීම සඳහා මී ගවයින් 17ක් ලොරි රථයක පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කළ දෙදෙනකු අද(11දා) අත්අඩංගුවට ගැනීමට බරවකුඹුක පොලිස් මුරපොළෙහි නිලධාරිහු සමත්වූහ.

Read More

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අද (11දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.

Read More

මේ වනවිට සමාජය කිවනොහැකි තරමටම බිඳ වැටි ඇති බව තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (11දා ) බලපිටියේදී පැවසිය .බලපිටිය රන්දොබේ සංඝරාජ පිරිවෙන් විහාරස්ථානයේ නව සංඝාවාසයයක් විවෘත කිරීමේ පිංකම නිමිත්තෙන් පැවති ජන හමුව අමතා රාජපක්ෂ මහතා එසේ කිවේය.

Read More

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේදී අද (11දා) මෝටර් ගේඩරයක් සහ යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටී ගුවන් හමුදා භටයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

Read More

අප බොන තේ කෝප්පය පිටුපස තිබෙන වතුකරයේ දුක්ඛිත ඛේදාන්තය අපූරුවට කියවෙන වතුකරයේ දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් “තේ කහට”නමින් මහනුවර ඩී. එස්. සේනානායක වීදිය පුෂ්පදාන ශාලාවේ ශාලාවේ දී පැවැත්වේ .

Read More

තණමල්විල කුඩාඔය පරාක්‍රමපුර ප්‍රදේශයේ පිහිටි එළවළු වෙළෙඳසැලකින් පසුගියදා මධ්‍යම රාත්‍රියේ රුපියල් ලක්ෂ හතක් වටිනා මුදල් සහ රන්මුදුවක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් දෙදෙනෙකු සැකපිට මොනරාගල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බීමතින් ත්‍රීවිල් රථයක් පැදවීමේ චෝදනාවට අධිකරණයේදී වරදකරු වී මාස 06 කට රියදුරු බලපත්‍රය අවලංගු කර සිටි පුද්ගලයෙක් මාස 06 ඉක්ම යාමට ප්‍රථම නැවතත් බීමතින් රියදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රීවීල් රථයක් ධාවනය කරමින් සිටියදී මස්කෙළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවිමෙන් අනතුරුව වරද පිළිගත් චූදිතට රුපියල් 75,000/- ක දඩ මුදලක් ගෙවන ලෙස විනිසුරු අසංගා හෙට්ටිවත්ත මෙනවිය විසින් නියෝග කළාය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ප්‍රධාන මාර්ගය දෙපස ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන අර්තාපල් අල සහ ලොකු ලූනු අලෙවිකරණ ක්‍රියාවලිය නිසා මාර්ගයේ ගමන් කරන අනෙකුත් ගොවි ජනතාවට ගමන් කිරීමට නොහැකි දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පෙන්වා දෙති .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.