බස් ගාස්තුවෙන් භාගයක් ලෙසවත් දුම්රියට අයකළ යුතුයි
දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අවම වශයෙන් බස් ගාස්තුව මෙන් භාගයක්වත් දුම්රියට අයකළ යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්දන මහතා පැවැසීය.
ඉන්ධන මිල විශාල ලෙස වැඩිවී ඇති බවත් ඒ අනුව දුම්රිය ධාවනය කිරීම අපහසු තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
කොළඹ සිට යාපනයට සීඝ්‍රගාමී දුම්රියක් රාත්‍රියට ධාවනය කිරිම වෙනුවෙන් මේ වන විට අවධානය යොමුව ඇතත් ඒ සඳහා ඉන්ධන සඳහා පමණක් ලක්ෂ 13ක් වැය වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී ආසන 500ක් සඳහා එක් මගියෙකුගෙන් රුපියල් 2000ක් අයකළත් ලැබෙන්නේ ලක්ෂ 10ක මුදලක් බවත් ඒ අනුව ලක්ෂ තුනක පමණ අලාභයක් දැරීමට සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

popular news
-
Deepal Nirosh Wednesday, 08 June 2022 07:57 AM
දැනටමත් ක්‍රියාත්මක කිරීම පමා වූ නමුත් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු කාලීන ඉතා වැදගත් යෝජනාවක්.
Reply : 0 0
LGPJ Wednesday, 08 June 2022 09:06 AM
Earlier time before this Coconut supply was controlled by Extra ordinary Gazette Issue. Now trying to ruin the Ceylon Government Railway also.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

