පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්ම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහාය දක්වන තෙක් විදුලිය ගාස්තු වැඩිකිරීමේ යෝජනාව තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක ගාස්තු ගෙවීම වෙනුවෙන් විදුලි බිල වැඩිකිරීමට වඩා විදුලි උත්පාදන පිරිවැය අඩු කිරීමට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් විදුලි බල මණ්ඩලය අවසර දිය යුතු බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
විදුලි බල මණ්ඩල සේවකයන්ගේ වැටුප් සෑම වසර තුනකටම වරක් සියයට 25කින් වැඩි කිරීම සඳහා විදුලි බල මණ්ඩලය තුළ සාමූහික ගිවිසුමක් ඇති බවද අමාත්‍යවරයා පවසයි.
පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙනුවෙන් සැලසුමක් හෝ විදුලි උත්පාදන පිරිවැය අඩු කිරීමට සැලසුම් නොමැති බවත් විදුලි බල මණ්ඩල සේවකයන්ගේ වැඩි වැටුප් මෙන්ම ඉහළ උත්පාදන පිරිවැය විදුලි පාරිභෝගිකයන්ට දැරීමට සිදුව ඇති බවත් එය වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.