පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වැඩි කිරීම සම්බන්ධයෙන් වන විදුලි පනත හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
නව පනත හරහා තරගකාරී මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීමට ඇති අවස්ථාව අහිමිකර නොමැති බවත් මිල ගණන් තීන්දු කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් බවත් අමාත්‍යවරයා පැවැසීය.
පනතට විරුද්ධ වන්නේ සීමිත පිරිසක් බවත් ඔවුන් ඩීසල් බලාගාර වෙනුවෙන් පෙනී සිටින පරිසක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පනත හරහා බලාපොරොත්තු වන්නේ පුනනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති නෛතික බාධා ඉවත් කිරීම බවත් අමාත්‍යවරයා පැවැසීය.