මහජන සෞඛ්‍ය පරීක්ෂක නිල ඇදුමට සමාන ඇදුමින් නිවෙස් වලට ගොස් ඩෙංගු කීටයින් සිටින බවට නිවැසියන් බියගන්වා මුදල් අල්ලස් ලබාගන්නා වංචනික පිරිසක් පිළිබඳව වාද්දුව ප්‍රදේශයෙන් වාර්තාවේ.
වාද්දුව වේරගම, මහ වාද්දුව සහ මහ විහාර පාර ප්‍රදේශවල නිවාස කිහිපයකින් මේ පිළිබඳ තොරතුරු වාර්තා වන අතර , මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන වලට පැමිණිලි කිරීමට හෝ ඉදිරිපත් වීමටද සිද්ධීන් වලට මුහුණ දුන් නිවැසියන් මැලිකමක් දක්වන බවද සදහන් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රංජන් සිල්වා . මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් දැනුවත් කලා. පසුගිය දින දෙක තුල එම ප්‍රදේශවල ඩෙංගු මර්ධන වැඩසටහන් සිදුකලේ නැහැ, එවැනි මුදල් අල්ලස් ඉල්ලීම් වාර්තා වුවහොත් වගකිව යුතු පොලිසියට හෝ අප කාර්යාලය දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පානදුර සුමිත් පොතුපිටිය / වාද්දුව දයා හේමන්ත සිල්වා