නාවික හමුදාව මාරවිල ප්රදේශයේ සහ බටහිර මුහුදු ප්රදේශයේ ඊයේ (07දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කණ්ඩායමක් මාරවිල පොලිසිය හා එක්ව ඊයේ (07දා) අළුයම මාරවිල ප්රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී එම ප්රදේශයේ ළැගුම්හලක රැඳී සිටි නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටින් සංක්රමණය වීමට සුදානම්ව සිටි බවට සැක කෙරෙන පිරිමි පුද්ගලයන් 13 ක්, එක් පිරිමි දරුවෙක් සහ මෙම ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවකු ඇතුළුව වයස අවුරුදු 09ත් 58ත් අතර වයසේ පසුවන 15 දෙනෙකු එම ජාවාරමට යොදා ගත් බවට සැකකෙරෙන වෑන් රථයක් සහ මෝටර් රථයක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත..
එමෙන්ම, බටහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්රහාරක යාත්රා බලඝණයට අයත් පි 481 යාත්රාව ඊයේ (07දා) දහවල් කාලයේ හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදුකල මුර සංචාරයකදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී.
එහිදී, එම බහුදින ධීවර යාත්රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයන් 58ක්, කාත්තාවන් 05ක්, ළමුන් 07ක් සමඟ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ඇතුළුව වයස අවුරුදු 01ත් 62ත් අතර වයසේ පසුවන 76දෙනෙකු එම බහුදින ධීවර යාත්රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි
මාරවිල ප්රදේශයේ ළැගුම්හලේදී අත් අඩංගුවට ගත් පිරිස යාපනය, ත්රිකුණාමලය, මුලතිව් සහ මාරවිල යන ප්රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාරවිල පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
එමෙන්ම, හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස, මීගමුව, හලාවත, පුත්තලම, කල්පිටිය, මාරවිල, මුලතිව්, කිලිනොච්චිය සහ ත්රිකුණාමලය යන ප්රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබේට්ට.