saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5792 hours ago

LATEST

උස්බෙගිස්තාන ගුවන් සේවය මත්තලට ගුවන් ගමන් අරඹයි

calendar_today 2022 පෙබ 10 - 14:26 remove_red_eye - 1047  

උස්බෙගිස්තානයේ, උස්බෙගිස්තාන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන ආරම්භ කර තිබේ. සීත සෘතු කාලසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සිය ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බදුල්ල නගරයට වසර පනහක් තිස්සේ පාරිසරික ගැටලුවක්ව පැවති අක්කර දෙකක කුණු කන්ද ගොඩකර ඒ මත නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ප්‍රදේශයේ ජනතාව මෑත කාලයේ ලැබු ජයග්‍රහනයක් බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා කියයි.

Read More

පාකිස්තාන ප්‍රිමියර් ලීග තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා තමන් පකිස්ථානයට යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණි විට අවාසනාවන්ත සිදුවීමටකට මුහුණ දීමට සිදුවූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම පවසයි.

Read More

අහිමි කළ විශ්ව විද්‍යාල සේවක වැටුප් වහා ලබා දෙනු, වැටුප් විෂමතාව වහා නිවරදි කරනු ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (10දා) දහවල් සබරගමු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉදිපිට විරෝධතාවයක නිරත වුහ.

Read More

මේ වෙලාවේ උත්සහ කරන්නේ අහිංසක මිනිස්සුන්ව බිල්ලට දෙන්න. ඊයේ දවසේ මම දැක්කා එක කාන්තාවක් කියනවා හෙන 7 ගහන්න ඕනී කියලා. හෙන 7ක් නෙවෙයි දහස් සංඛ්‍යාත හෙන ගහන්න ඕනී. මේ වැරැද්ද නිවැරදි වෙන්න ඕනී.

Read More

ගව ඝාතකාගාරයක් වටලා බලපත්‍ර නොමැතිව, නීති විරෝධී ලෙස කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ ගව මස් කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් 5ක් සහ ලොරි රථයක් සමඟ අද (10දා) අලුයම අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.

Read More

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (10දා) පැවැති හම්බන්තොට නගරසභා රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

සෙම සිරවී සිටි අවුරුදු 10 ක දරුවෙකුගේ අසනීපය සුව කර ගැනීම සඳහා යාඥා කළ මෙන්ම පසුව දරුවා මිය යෑමෙන් පසුව ඔහුගේ ප්‍රාණය ලබා ගැනීම සඳහා යාඥා කළ එම දරුවාගේ මව, පියා හා මිත්තණිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

රටේ පවතින වර්තමාන තත්වය හමුවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක නීතිරීති සම්පාදනය සහ යාවත්කාලීන කිරීම පිළිබඳ විශේෂ රැස්වීමක් පසුගිය දා අධිකරණ අමාත්‍යංශයේදී පැවැත්විණ.

Read More

බොරැල්ලේ ප්‍රසිද්ධ මල් ශාලාවක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බොරැල්ලේ නිවස බිඳ රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම භාවිත කරන ක්‍රිකට් ඇඳුම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

Read More

පොළොන්නරුව සිංහපුර අලිවංගුව ප්‍රදේශයේ අද (10දා) උදෑසන බස්රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් 8 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

අඩුආදායම්ලාභී සමෘද්ධි සහනාධාරය හිමි පවුල් ලක්ෂයක වහල මත සූර්ය කෝෂ සවි කර මාසිකව රු. 2 500 ක ආදායමක් හිමිවන පරිදි වසර 15කට පසුව සම්පූර්ණ අයිතිය ඔවුන්ට හිමිවන ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සංවිධානය කළ මහජන රැළිය එම පක්ෂයේ රැළියක් බවත් ඒ අනුව ආණ්ඩුවට සහය පළ කරන සියලු පක්ෂ එකතු වෙලා සිදු කළ රැළියක් නොවන බවත් සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

පාකිස්ථානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ හතලිස් දහසක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩා දෙකක තිබී අද (10දා) සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

Read More

දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සේවා වෘත්තිය සංගම් ක්‍රියාමාර්ගය මගින් රටේ දිළිඳු ජනතාව ඉතා අන්ත අසරණ බවට පත්කර ඇති බවත් රෝගීන් ඉතා අසරණව ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

’’අද වෙනකොට රූෆ් ටොප් සොලර් ගත්තොත් එහෙම මෙගාවොට් 40ක් තියෙනවා ගෙවල්වල සෝලර් හයි කරල විදුලිබල මණ්ඩලයෙන තවම කනෙක්ෂන් එක දෙන්නෙ නැතුව. අවුරුද්දක් එකහමාරක් , සමහර ඒව අවුරුදු දෙකක් විතර වෙනවා. මෙන්න මේ කියන දේවල්වලට අපි විදුලි බල මණ්ඩලයත් සමඟ සාකච්ඡා කරල තීන්දු තීරණ අරගෙන අදාළ නිලධාරීන් දැනුවත් කරල මේව මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් පාචිච්චි කරන්න පුළුවන් තත්ත්වයට අපි පත් කරල තියෙනවා.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවන් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 6කට ආසන්න වී තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට පුද්ගලයන් 5 942 255ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

Read More

පස්, කළුගල්, වැලි, හා මැටි වැනි ඛනිජ සම්පත් කැණීම් සිදු කෙරෙන ස්ථාන මෙන්ම දැනට එම ව්‍යාපෘති අවසන් කළ ස්ථාන සියයට 100ක් ම දැවැන්ත පාරිසරික හානියක් සිදු කරන ස්ථාන බවට පත්ව ඇති බවත් එමෙන්ම කැණීම් ස්ථාන සියල්ලම පාහේ මරඋගුල් බවට පත්ව ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (09) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දුන්නේය.

Read More

අධීක්ෂණය, අවදානම් වැළැක්වීම, මූල්‍ය තාක්ෂණය, හරිත මූල්‍ය සහ ඩිජිටල් මුදල් ඇතුළු පුළුල් පරාසයක ප්‍රමිතිකරණය වැඩිදියුණු කිරීමට බලධාරීන් සැලසුම් කරයි.

Read More

දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනය කිරීම සඳහා ආරාධනා ලැබී තිබෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10දා) අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

Read More

පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක් සිදුව තිබේ. හසුරුවා ඇති ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 722කි. ඉන් 584ක්ම ජාත්‍යන්තර ගුවන් යානා මෙහෙයුම් වීම විශේෂත්වයකි. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ පසුගිය වසරක කාලය තුළ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් 138ක්ද සිදුව ඇතැයි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට පෙබරවාරි මස 03වැනිදා දක්වා සංචාරකයන් 2,919ක් මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණ ඇතැයිද මත්තල ගුවන්තොටුපළ වාර්තා සඳහන

Read More

අගමැති ජසින්ඩා ආර්ඩර්න් විරෝධතාකරුවන්ට පැවසුවේ ’’කරුණාකර ඉවත්වෙන්න’’ කියාය. එසේම, ’’මෙම පෙලපාලිය මගින් නවසීලන්තයේ ඉදිරි ගමන කොතැනකද යන්න පිළිබිඹු නොවන’’ බවද ඇය අවධාරණය කළාය.

Read More

අද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මගින් කරනු ලබන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසන පිළිබඳමීට වඩා අපි සැලකිල්ලක් දක්වන්න ඕන.අද සමාජ මාධ්‍යයේ ටික් ටොක් කියලා එකක් තිබෙනවා. මේ විදියට අද සමාජ මාධ්‍ය ජාලා තුළින් ඇති වෙලා තිබෙන මේ ව්‍යසනය පිළිබඳ, මම කියන්නේ නෑ සමාජ මාධ්‍ය තහනම් කරන්න ඕනී කියලා නමුත් මෙය නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා කාලය පැමිණ තිබෙනවා.

Read More

ලෙටිෂියා රැජින සහ යුවළගේ බාල දියණිය සොෆියා රෝග ලක්ෂණ නොපෙන්වන අතර, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි කරගෙන යනු ඇති බව ස්පාඤ්ඤයේ රාජකීය මාලිගාව නිවේදනය කරයි.

Read More

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළද සැලක තිබු පිං කැටයක් කඩා රුපියල් 1408ක මුදලක් සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු, මොරටුව පොලිසිය විසින් ඊයේ (08දා) අත්අඩංගුවට ගනු ලැබුහ.

Read More

ඇයට සඳුදා උගුරේ අමාරුවක් තිබූ අතර, අඟහරුවාදා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළාය. ඇය දැන් ඉම්පීරියල් මාලිගාව තුළම පිහිටි රෝහලක ප්‍රතිකාර ලබන බව කියයි.

Read More

ආඩිගම කීරියන්කල්ලිය මාර්ගයේ ප්‍රදේශයේදී අද (09දා) ලොරි රථයක් පාපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් මුන්දලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇතිබව මුන්දලම පොලීසිය පවසයි.

Read More

නොවැම්බර් මාසයේදී එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාගත් 81 හැවිරිදි රැජින අඟහරුවාදා සවස ධනාත්මක බව පරීක්‍ෂා කළ අතර, ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බව එරට රාජකීය මාලිගාව නිවේදන කරයි.

Read More

ගොවි ජනතාව වෙනුවෙන් තමන් අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ අද (09දා) පැවැති පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පොදුජන රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.