රුපියල් බිලියන 50ක වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට මහ බැංකුව සැලසුම් කර තිබේ. ඒ අනුව වාර්ෂික සියයට 17ක පොලියක් යටතේ ජුනි 10 දා රුපියල් බිලියන 20ක් නිකුත් කිරීමට නියමිතය.
මෙම භාණ්ඩාගාර බැඳුම්කර 2025 ජුනි 01 දා කල් පිරීමට නියමිතය. මීට අමතරව තවත් රුපියල් බිලියන 30ක් සියයට 18 ක පොලී ප්රතිශතයක් යටතේ නිකුත් කිරිමට නියමිතය.
එම භාණ්ඩාගාර බැඳුම්කරවල කල්පිරෙන දිනය ලෙස සඳහන් කර ඇත්තේ 2028 ජනවාරි 15 වන දිනයි.