රටේ පවත්නා ඖෂධ හිඟය සහ ඉන්ධන හිඟය නිසා මහජනතාව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
පවතින ඖෂධ තොග ප්‍රමාණවත් නොවන අතර ඖෂධ තොග අඩුවෙමින් පවතින බවද ඒ නිසා හැකිතාක් ආරක්‍ෂාකාරීවිම වැදගත් බවත් එම සංගමය සඳහන් කළේය.
ඔවුන් මේ බව පවසා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ දී අද (27දා) පැවති මාධ්‍ය හමුවකදීය.
යම් අනතුරක් සිදු වුවහොත් රෝගියාට ප්‍රවාහන පහසුකම් සපයාගැනීම මෙන්ම වෛද්‍යවරුන් හා අනෙක් රෝහල් කාර්ය මණ්ඩලයටත් ප්‍රවාහන පහසුකම් සපයාගැනීම ද දුෂ්කර විය හැකි බවත් එම අවස්ථාවේදී ගැටලුකාරී තත්ත්වයක් මතු විය හැකි බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.