හමබන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මුදල චීන එක්සිම් බැංකුව ලබාදුන් සහනදායි ණය ගෙවීම වෙනුවෙනට ඉහළ පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය (විශේෂයෙන්ම ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර) ගෙවීමට යොදාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මේ හරහා චීනය විසින් ශ්‍රී ලංකාව බටහිර ණය උගුලකින් බේරාගෙන ඇති බවද චීන තානාපති කාර්යාලය පවසයි.
හම්බන්තොට වරාය පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යනය සිදුකළේ කැනඩා හා ඩෙන්මාර්ක සමාගම් වුවත් එය ඉදිකිරීම වෙනුවෙන් වෙනත් පාර්ශ්වයක් උපකාර නොකළ හෙයින් ශ්‍රී ලංකාව චීනය දෙසට හැරුණ බවත් තානාපති කාර්යාලය පවසයි.
වරාය ඉදිකිරීම වෙනුවෙන් චීන එක්සිම් බැංකුව ලබාදුන් ණය මුදලින් සියයට 74ක් සියයට 2ක සහනදායි ණය පොලී යටතේ ලබාදී ඇති බවද තානාපති කාර්යාලය පවසයි.
2021 වසරේදී හම්බන්තොට වරාය ටොන් මිලියන 2.3ක භාණ්ඩ හසුරුවා ඇති බවත් එය සියයට 38ක වර්ධනයක් බවත් එම වසරේදී කුඩා හා විශාල වාහන 535000ක් හසුරුවා ඇති බවත් තානාපති කාර්යාල පවසයි.
වරාය කලාපය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව රැකියා 3000ක් බිහිකරන ෂින්ජි ෂෙන්සෙන් සමූහය ආයෝජනයක් කර ඇති බවත් ඒ හරහා සිලෝන් ටයර් නිශ්පාදන සමාගම නමින් එය ක්‍රියාත්මක බවත් තානාපති කාර්යාල පවසයි.
මීට අමතරව මාලදිවයිනේ විශාලම විදේශීය ආයේාජනය ලෙස සී හෝස් යැච්ට්ස් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආයෝජනයක් කර ඇති බවත් ලංවා සිමෙන්ති සමාගම නිශ්පාද කටයුතු ආරම්භ කර ඇති බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.