ගාල්ල ඉහළ ලෙල්වල විවිධ සේවා සමුපකාර ඡන්දයෙන් සමගි ජන බලවේගවට විශිෂ්ඨ ජයක් හිමිවි ඇත. ඉහළ ලේල්වල විවිධ සේවා සමුපකාර සමිතියේ ඉදිරි තෙවර්ෂය සඳහා අධයක්ෂක මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා මෙම ඡන්දය අද (26දා) එම සමුපකාර ප්රධාන ශාලාවේදී පැවැත්විණ.
එම සමුපකාර සමිතියට අයත් සමුපකාර පාදේශික 12ක් අතරින් මහා සභාව සඳහා නියෝජිතයින් 83කු තෝරා පත් කිරීම සදහා ඡන්දය පැවති අතර එයින් බහුතරයක් මහා සභා නියෝජිතයින් තේරී පත්ව ඇත්තේ සමගි ජන බලවේගය පක්ෂයෙනි.
මහා සභා නියෝජිතයින් අතරින් අධයක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් හත්දෙනාම තේරීපත්ව ඇත්තේද සමගි ජන බලවේගය පක්ෂයෙන් වීමද මෙහිදි කැපී පෙනේ.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත