මොනරාගල පොලිස් කොට්ඨාසයේ සතියක් තුළ සිව්දෙනෙකු සියදිවි නසාගෙන
මොනරාගල පොලිස් කොට්ඨාසය තුළ පදිංචි සිව්දෙනෙකු ඉකුත් 26 වෙනිදායින් අවසන්වූ සතියක් තුළ සියදිවි හානි කරගෙන මියගොස් ඇතැයි මොනරාගල රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මොනරාගල හිඳිකිවුල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු,දොඹගහවෙල පදිංචි 28 හැවිරිදි විවාහක තරුණයෙකු,බුත්තල බෝධියපාර පීල්ලවෙල පදිංචි 34 හැවිරිදි විවාහකයෙකු සහ මොනරාගල කුඹුක්කන ගල්වලපාර පදිංචි 22 හැවිරිදි එක්දරු මවක් මෙලෙස සියදිවි හානි කරගෙන ඇත.
ප්‍රේම සම්බන්ධතා කඩවීම්,පවුල් ආරවුල්,ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ හේතූන් නිසා මෙම පුද්ගලයින් ගෙල සියදිවි හානි කරගෙන මියගොස් ඇති බව පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
මෙලෙස පුද්ගලයින් සියදිවි හානිකර ගැනීම සමාජයීය ප්‍රශ්නයක් බවට පත්වී ඇති බව සඳහන් කරන පොලීසිය ග්‍රාමීය මට්ටමෙන් සේවයකරන රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව සඳහන් කළේය.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

