ඉන්ධන හල් ඉදිරිපිට තෙල් පෝලිම් වල දින ගණනාවක් නිදිවර්ජිතව සිටින අයට උත්තේජකයක් ලෙස ලබාදීමට ප්‍රධාන පෙලේ මත ද්‍රව්‍ය තුනක් ගමන් මල්ලක බහා රැගෙන යමින් සිටි අයෙකු ඊයේ (26දා) රාත්රියේදී ගොනපිනුවලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවටගත් බව බටපොළ පොලිසිය කියයි .
සැකකරු සන්තකයේ තිබී ගංජා ,හෙරොයින් හා අයිස් යන මත ද්‍රව්‍ය තුනම අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි .
රුපියල් ලක්ෂ පහලවක් පමණ වෙලඳ වටිනා කමක් ඇති ගංජා කිලෝග්‍රෑම් 1.660,හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 7.600ක් හා අයිස් ග්‍රෑම් 6.300යක් සැකකරු ලග තිබී සොයා ගැනුණු බවද පොලිසිය කියයි .
ප්‍රධාන පෙලේ මත් ද්‍රව්‍ය තුනම එකම අයෙකු ලග තිබියදී සිය පොලිස් ස්ථානය මගින් සොයා ගැනුණු පළමු අවස්ථාව බව බටපොල් පොලිසියේ නිලධාරියෙකු කිවේය .
සැකකරු දින ගණනාවක්ම ඉන්ධන පිරවුම් පොලවල් වලට රාත්‍රියේ ගොස් මේ ජාවාරම කරගෙන යන බවට ලද තොරතුරකට අනුව ඔහු පරික්ෂා කිරීමේදී මේ මත ද්‍රව්‍ය තොගය සොයා ගැනුණු බවද පොලිසිය කියයි.
සැකකරු අද (27දා) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
බටපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතා ඇතුළු නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
