තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (28දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටී අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් පිළියන්දල විශ්ව කලා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටින ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් මහතා කොළඹ පිහිටි ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන හළකට ගොස් තිබේ.
Read Moreදරුණු අලාභ හානි විඳීමෙන් පසු රුසියාව කියෙව් ප්‍රදේශයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට සිදු වී ඇති බව යුක්රේන හමුදා ප්‍රධාන කාර්ය මණ්ඩලය පවසයි.
Read Moreමන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි නීතිවිරෝධී දැල් කිලෝ 1418 ක් ඇතුලු ආම්පන්න තොගයක් සමගින් පුද්ගලයෙකු ඊයේ (27දා) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreරුසියාවේ මොස්කව් නුවර වෙත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිදුකළ ගුවන් මෙහෙයුම් අද (28දා) සිට අත්හිටුවීමට තරණය කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.
Read Moreපානදුර ජුබිලි මාවතේ ගාල්කර තිබූ ත්‍රීරෝද රථයක් අද (28දා) දහවල් ගිනිගෙන දැවී ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි .
Read Moreආනයන බලපත්‍ර ක්‍රමවේදය යටතේ රටඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය බැවින්, එමගින් මහජනතාවට වැරදි අදහසක් ඇතිකිරීමට කටයුතු කර ඇති බව පෙනී යන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreහාල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පවතින ආර්ථික අහේනිය නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් 10 කට ආසන්න පිරිසක් දින කිහිපයක සිට දිඹුලාගල කන්ද සහ අවට කැලෑ පීරා මහ පොළොව හාරමින් කටු අල, ඇතුළු අල වර්ග ගෙනවිත් තම දරු පැටවුන් සමග බත් වෙනුවට තම්බාගත් අල වර්ග වලින් කුස පුරවා ගැනීමට සිදුව ඇති බව දලුකාන ආදිවාසී පවුල් සඳහන් කරති.
Read Moreශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණ තිබෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය. එස්. ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreවිදේශීය සංචාරකයින්ට මුහුදට මුදාහැරීම සඳහා කැස්බෑ පැටවුන් විකිණීමේ ජාවාරමක් කරගෙන ගිය අයකු කැස්බෑ පැටවුන් 64 දෙනෙකු සමග සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි.
Read Moreසොජාන් ක්‍රමයට කොස්ගොඩ කරිජ්ජපිටිය පුරන් වෙල්යායේ පොල් පැල සිටුවීමේ වැඩසටහනකටඅද (28දා) ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට හා රජයේ නිලධාරීන්ට ප්‍රදේශයේ ගොවියන්ගේ විරෝධය එල්ලවුහ
Read Moreජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේනේතුවේ ආසන 44ක් දුන්නා මිනිස්සු, 44ට දීලා බැරිනිසා 24ට බැස්සුවා. 24ට බැරිනිසා 10ට බැස්සුවා. 10ත් බැරි නිසා දැන් ගිය ඡන්දයේදී දෙකට බැස්සුවා. රැස්වීමට සෙනඟ ඉන්නවා කථාව ලස්සනයි. සුරංගනා කථා කියන්න හරිම ලස්සනයි අනුර දිසානායක. හැබැයි ඡන්දය ගණන් කළාම පෙට්ටියේ බඩු නෑ. අමාරුයි කියලා කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න මේ රටෙ ජනතාව ලෑස්ති නෑ.
Read Moreමේ වන විට ග්‍රාමීය ප්‍රදේශ වල මහ කන්නයේ අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ වී ඇති අතර ඉන්ධන හිඟය හේතුවෙන් ගොයම් කැපීම පෑඟීම මෙන්ම වගා බිම්වල සිට නිවෙස් සහ වෙළෙඳපොළ කර අස්වනු ප්‍රවාහනය කිරීමද මේ වන විට විශාල ගැටලුවක්ව පවතින බව ගොවි ජනතාව පෙන්වා දෙති.
Read Moreශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකු ඩොලරයක විකුණුම් මිල රුපියල් 299ක් දක්වා ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 295ක අගයක පවතී.
Read Moreකැබිනට් අමාත්‍යධුර ලබා නොදුන් නිසා ඇතැම් පක්ෂ නායකයින් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවු බව වනජිවි සහ වන සංරක්ෂක අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.
Read Moreබදුල්ල -වැලිකේමුල්ලේදී ඊයේ (27දා) සවස දෙපිරිසක් අතර ඇතිවූ ගැටමුකදී දෙපාර්ශවයේම දෙදෙනෙක් බරපතල කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලෙට ඇතුලත් කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
Read Moreතම බිරිඳ සම්බන්ධයෙන් නෙමනා විහිලුවක් කළ ඔස්කාර් නිවේදක ක්‍රිස් රොක් වෙත කනේ පහරක් එල්ල කිරීමට සුපිරි නළු විල් ස්මිත් කටයුතු කළේය.
Read Moreකොළඹ - මීගමුව මාර්ගය අවහිර කරමින් ඉන්ධන ඉල්ලා මහ ජනතාව විරෝධතාවක නිරත වෙමින් සිටියි. මේ අනුව එම මාර්ගයේ දැඩි රථවාහන තද බදයක් නිර්මාණය වී තිබේ.
Read Moreඅතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි 85 හැවැරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More“සිංහල අවුරුදු පහුවෙනකොට අපේ තෙල් පෝලිම් අවසන් වෙයි. අපේ තෙල් පිරිපහදුව නැවත ආරම්භ කිරීමට අපි බොරතෙල් ඇණවුම් කරගෙන යනවා. බොරතෙල් මෙට්‍රික් ටොන් 215000ක් අපට ගබඩා වල තියන්න පුළුවන්. ඒක ආවොත් පූර්ණ ධාරිතාවෙන් පිරිපහදුව දුවන්න පුළුවන් වෙනවා. ඒක දිව්වොත් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ තාප බලාගාර ඔක්කොම දුවන්න පුළුවන්.”
Read Moreඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2022 මාර්තු මස 26 වන දින හ්‍රී ලංකාවට බටහිර මුහුදේදී ආරම්භ වූ අතර, මෙම නාවික අභ්‍යාසය 2022 මාර්තු මස 29 වන දින දක්වා පැවැත්වෙයි.
Read Moreඑක්සත් ජනපදයේ මෙතෙක් සිටි නරකම ජනාධිපතිවරුන් පස්දෙනාට වත්මන් ජනපති ජෝ බයිඩන් මාස 15ක් තුළ කළ හානියට වඩා හානියක් කළ නොහැකි වූ බව හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
Read Moreවිදුලිබලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් අද (28දා) දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය පහක කාලයක් විදුලි කප්පාදු කිරීම සිදුකරන මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පසුගියදා පැවැති තරගාවලියට ශාරිරික යෝග්‍යතා ගැටලු හේතුවෙන් එක්කර නොගත් ප්‍ර වේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ඊයේ (27දා) ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට තම මංගල තරගය ක්‍රීඩා කරමින් ප්‍ර වේගකාරී පිතිකරණයක නිරත විය.
Read Moreයුක්රේනයේ බටහිර ආධාරකරුවන්ට මෙම යුද්ධය වෙනුවෙන් ධෛර්යයක් නොමැති බවට යුක්රේන ජනපති වොලොඩිමීර් සෙලෙන්ස්කි යෝජනා කරයි.
Read Moreයම් යම් පාර්ශවයන් ආහාර හිඟයන් සම්බන්ධව මතු කළද මේ දක්වා ආහාර හිඟයක් ඇති ව නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් අජන්ත ද සිල්වා මහතා පවසයි.
Read Moreයුක්රේන ගැටුම ගෝලීයකරණයට තර්ජනයක් වන අතර එය ලෝකයේ ප්‍රධාන බෙදීමක් ඇති කළ හැකි බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් විශ්වාස කරයි.
Read Moreශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය එවන ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ බහුතරයක් එක්සත් අරාබි රාජ්‍යයේ ඩුබායි නුවර ආශ්‍රිතව ජීවත්වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More’’පළමුව සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීම සහ පසුව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් රුසියානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම අපේ අරමුණ නම්, එය කිරීමට අවශ්‍ය නම්, අපට ක්‍රියාවෙන් මෙන්ම, වචනයෙන්ද එය උත්සන්න කළ නොහැකියි’’ ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් පවසයි.
Read More