ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ කොල්ලුපිටිය ප්ර දේශයේ පිහිටි නිවසර අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා විනාශ කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (01දා) රාත්රී කාලයේදි පිළියන්ද හා නාරාහේන්පිට පොලිස් වසම්වලදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 22 වයස්හි පසුවන මඩපාත හා කොළඹ 05 ප්ර දේශවල පදිංචිකරුවන් වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.