ශ්‍රී ලංකාවේ වාර්තමන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇති හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන්ට විදේශ ගතවීම වළකාලමින් නිකුත් කොට තිබු නියෝගය ලබන 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියම කළේය.
ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජයට නියම කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ගොනු කොට ඇති පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ලට නියම කෙරිණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.