උඩරට දුම්රිය මාර්ගයේ වටවල සහ ඉහළ වටවල දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට විශාල ගලක් පෙරලිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග (01) දින දහවල් 12.30 ට පමණ දුම්රිය මාර්ගයට ඉහලින් තිබු අඩි 12 ක් පමණ උසකින් යුතු විශාල ගලක් පෙරලි ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
වටවල සහ ඉහල වටවල දුම්රිය ස්ථාන දෙක අතර 100/25 සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගයට පෙරලි ඇති ගල කඩා ඉවත් කිරිමට නොහැකි බවත්, එය පුපුරවා හැරිමට සිදු වන බවයි වටවල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.
උඩරට දුම්රිය මාර්ගය ගලක් පෙරලිම හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කල මගි ප්‍රවාහන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානයෙත් සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කල මගි ප්‍රවාහන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානයෙත් නතර කර ඇති අතර , පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් (01) දින රාත්‍රියේ ධාවනය කිරිමට නියමිතව තිබු රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කිරිමට පියවර ගත් බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිම නිසා දුම්රියන් වලින් ගමන් ගත් මගින්ව බස් රථ වලින් දුම්රියන්වල මාරු කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි හැටන් සහ නාවලපිටිය දුම්රිය ස්ථාන වල දුම්රිය ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.



