දිවයිනේ ස්ථාන තුනකදි දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ අනතුරු හේතවෙන් පුද්ගල මරණ හා අතුරුදන්විම් 03ක් වාර්තා වී තිබේ.
මේ අනුව පොල්පිටිය, හිටිනේගම ප්‍රෙද්ශයේදී පෙර පාසලේ සිට නිවසට පැමිණෙමින් සිටි කාන්තාවක් හා දැරියක් දියේ ගිලී අතුරුදන්ව තිබුණි. පසුව පොලීසිය හා ප්‍ර දේශවාසීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී අවුරුදු 5ක් වන මිණිබිරිය හා අවුරුදු 62ක් වන මිත්තනිය සොයාගෙන ගිනිගත්හේන රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණි.
නාවලපිටිය, අක්කරවත්ත ප්‍ර දේශයේදි කැඹුලාව ඔයෙන් එතෙරවීමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් හා කාන්තාවක් දියේ ගිලි අතුරුදන්ව තිබේ. මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ කැටඹුලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36,46, හා 47 වැනි වියේ පසුවන අයයි.
මේ අතර හැටන් මොන්ටෆෙයාර් කොටස ප්‍රදේශයේදී නිවෙස් වෙත ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් පුද්ගලයෙක් ලිස්සා ගොස් පැන්මූර් වැවට වැටි දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 24ක් ඇබෝස්ලිවත්ත, හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.