විදෙස්ගත ශ්‍රමිකයන් නීතිමය මාර්ග හරහා රටට ගෙන එන ඩොලර් ප්‍රමාණය අනුව එම වටිනාකමෙන් සියයට 50ක අගයක් යටතේ විද්‍යුත් වාහනයක් ගෙන්වීම සඳහා අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. එසේම ඔවුන් නීත්‍යානුකූල මාර්ගවලින් ශ්‍රී ලංකාවට එවන මුදල්වල වටිනාකම අනුව නව බදු රහිත දීමනා ලබාදීමටද මෙහිදී කැබිනට් අනුමැතිය ලැබී තිබේ.