මැයි මාසයේදී අගමැති ධූරයට සහ ජුලි මාසයේදී ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ බොහෝ ක්‍රියාමාර්ග සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් සඳහා අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියක් ලෙස තිබිය යුතු "මහජන විශ්වාසය" බරපතල ලෙස උල්ලංඝනය වන අකාරයට බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනපති රනිල් වික්‍රමසිං මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
සාමූහික දේශපාලන වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම සඳහා ජනරජයේ ජනාධිපතිවරයා මුලින්ම ජනතා විශ්වාසය හා ගෞරවය දිනාගත යුතුව ඇති බවත් ඒ සඳහා පළමු කොටම අරගල කරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මර්ධනය වහාම නැවැත්විය යුතු බවත් ඔහු සිය ලිපියෙන් පවසයි.
එසේම ජනතාවගේ පිළිකුලට පාත්‍ර වී තිබෙන පැරණි දූෂිත රාජ්‍ය යන්ත්‍රණය යළි පිහිටු වීම සඳහා කරගෙන යනු ලබන විවිධ දේශපාලන හා පරිපාලන පත්කිරීම් වහා අවලංගු කළ යුතු බවත් පොදු ජන පෙරමුණේ දූෂිත දේශපාලඥයන්ටම මූලිකත්වය දෙන පරිදි සකසා තිබෙන වත්මන් අමාත්‍ය මණ්ඩලය අහෝසි කළ යුතුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

