saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5458 hours ago

LATEST

තාමත් බහුතරය මටයි - බහුතරය අහිමි වුවහොත් මම යනවා

calendar_today 2022 අප්‍රේ 27 - 09:01 remove_red_eye - 631  

පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් තමා සතුව පවතින බවත්, එය අහිමි වුවහොත් තමන් අගමැතිකමේ එල්ලී නොසිටින බවත්, තමන් ඉල්ලා අස්වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඖෂධ මිල පාලනය ඉවත් කරන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ ඔසුසැල් හිමියන්ගේ සිදු කළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර ඇත. මේ අවස්ථාවේ ඖෂධ මිල පාලන ඉවත් කළහොත් රෝගීන් තවදුරටත් පීඩාවට ලක්වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගේ අදහස විය.

Read More

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා මොස්කව්හිදී හමුවිය.

Read More

විශ්වාසභංග යෝජනාව ගෙනඒම හැර වෙන කරන්න දෙයක් නෑ. මේක හෙළිදරව් කිරීම පමණයි අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. ජනතාව ගෝඨාභයට යන්න කිව්වාට මෙහේ බැසිල් ආණ්ඩුව පවත්වාගෙන යනවා. දැනට ජනතාවට කියන්න තියෙන්නේ යන පාටක් නැති බවයි. ජනතාවට තියෙන්නේ ඒ වෙනුවෙන් බලපෑම් කරන්න. අඩු තරමේ යන්න කියලා මහින්ද මහත්තයාට ලියුම් එවන්න.

Read More

ට්විටර් හි වාරණයන් දැන් ඉතා දුෂ්කර තත්ත්වයක පවතින බව එක් විධායක නිලධාරියෙක් පැවසූ අතර, තවත් අයෙක් හඬා වැටුණු බව වාර්තා වේ.

Read More

(VIDEO) චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනෙක් හා ශ්‍රී ලංකාවේ චේතනා කැටගොඩ යන අය එක්ව සිංහල ගීතයක් ගායනා කර තිබේ. විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරින් ගායනා කළ කොපර කොපර පිපිඤ්ඤා ගීතය මේ අනුව ඔවුන් එක්ව ගායනා කර තිබේ. ජියන්ග් සොන්ග්යින්ග් ( වරුණි) , ලියු හුයි ( රසිකා) යන චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනා මෙම සිංහල ගීතය ගායනා කරයි.

Read More

වසරකට වැඩි කාලයක් තුළ පළමු පෝලියෝ රෝගය තුරන් කිරීමට ඉස්ලාමාබාද් කැපවී සිටින බව නව අගමැති බිලියනපතියෙකුට සහතික කරයි

Read More

ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන. ළාමක ටිං ටිං කැබිනට් මණ්ඩලයට මේ රටේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ කිසිදු හැකියාවක් නැහැ. ඒ නිසා ජනවරමට ගරු කරනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් තුනෙන් දෙක විතරක් නෙවෙයි, 113ත් අහිමි වෙලා තිබෙන වෙලාවේ මහින්ද මහත්මයා පවුල වෙනුවෙන් බලය අල්ලන් ඉන්නේ නැතිව මේකෙන් ඉවත් වෙන්න ඕන

Read More

රුසියාවේ උලියානොව්ස්ක් ප්‍රදේශයේදී තිදෙනෙකු ඝාතනය කළ වෙඩික්කරුවෙකු, මද වේලාවකට පසු වෙඩි තබාගත් සිය දිවි නසා ගත්තේය.

Read More

’ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද?’ යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහනක් හෙට (27දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

උතුරු කොරියාව න්‍යෂ්ටික ආරක්ෂක භාවිතයට සීමා නොවන බවත්, රට ප්‍රකෝප කළහොත් ඒවා යොදවන බවත් කිම් ජෝන්ග්-උන් පවසයි.

Read More

වරාය අධිකාරියට කරන සියලුම ගෙවීම් ඩොලර් මගින් ගෙවන ලෙස නව නාවික හා වරයා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.

Read More

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කරයි. ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය පවසයි.

Read More

අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26දා) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ.

Read More

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ පිරවුම්හලට සති කිහිපයකට පසු භූමිතෙල් ලැබීමෙන් පසු එම භූමිතෙල් ලිටර් 6600 මිල දි ගැනිමට අද (26දා) පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් පෝලිමේ රැඳි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

වරාය හා නාවික කැබිනට් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නාවික ක්ෂේත්‍රයේ සියළුම පාර්ශ්වකරුවන් මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ඇමෙරිකානු ඩොලර් ආදායම ඉහළ නැංවීම සඳහා කටයුතු යොදා ඇත.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බව පළාත් සභා මන්ත්‍රී සංසදය අද (26) දින පෙරවරුවේ ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

Read More

නිර්වින්දන බෙහෙත් සමග තවත් ඖෂධ වර්ග කිහිපයක් සොරකම්කරගෙන විත් අලෙවිකිරිමට සුදානම් වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවකයකු අද (26දා) ගාල්ල දෙවට ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

Read More

තමන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුලු දූත පිරිස යාපනයේදී ඊයේ (25දා) උතුරේ දේශපාලන පක්ෂ නායකයින් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.

Read More

මිල වැඩි නොකළොත් ගෑස් සැපයුම නතර කිරීමට සිදුවන බවත්, ඒ නිසා රජය ගෑස් මිල වැඩිවීම නිවේදනය කරනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා අද (26දා) කොළඹ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවවේදී පැවසීය.

Read More

පවතින අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසිය.

Read More

ජිවන වියදම ඉහළ යාම , ඉන්ධන මිල ඉහළ යාම , විදුලි කප්පාදුව සහ ගැස් හිඟයට රජයට විරෝධය පාමින් හැටන් වටවල ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන් අද (26දා) උද්ඝෝෂණයක නිරත විය.

Read More

පක්ෂයේ තීරණයට පිටුපාමින් ආණ්ඩුව තුළ අමාත්‍යධුර ලබාගැනිම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර හා සුරෙන් රාඝවන් යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂය තිරණය කර තිබේ.

Read More

දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට මේ මස (28) දින එලවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

උණවටුණ මුහුදු පතුල හා වෙරළ තීරය පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් අද (26දා) පැවැත්විණි.

Read More

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ඊළඟ රංගනයක කොටස්කරුවන් වෙනවට වඩා දේශපාලනයෙන් විශ්‍රාම යන එක සැප බවත් ජනවරමක් නොමැතිව කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය හෝ සමගි සන්ධානය ආන්ඩුකරනයට එක් නොවන බව ව්පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .

Read More

2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එම වසරේ අප්‍රේල් 26 දා සයින්දමර්දු හි පුපුරුවා ගැනීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් හෙට (27දා) යළි ගොඩ ගැනීමට නියමිතය.

Read More

ඉන්දියාවේ රාමේෂ්වරන් සහ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීමට ආ යාපනයේ වැසියන් 15 දෙනෙකු ඊයේ (25දා) එරට ආරක්ෂක අංශ භාරයට පත්වී ඇති බවට වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.