saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5384 hours ago

LATEST

ඇඳිරි නීතිය පැය 12කට ඉවත් කරයි

calendar_today 2022 මැයි 13 - 20:37 remove_red_eye - 449  

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (14) පෙ.ව 6.00ට ඉවත් කෙරෙන බව ජනපති මාධ්‍ය අංශය කියයි. එය ප.ව. 6.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-15) පෙ.ව. 5.00 දක්වා බල පැවැත්වේ.

ගාසා තීරයේදී ඝාතනය කරන ලද ප්‍රවීණ අල්-ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේගේ ගෞරවය පිණිස පලස්තීන කලාකරුවන් පින්තාරු කරන ලද බිතු සිතුවම.

Read More

ඉදිරි පැය 36 තුළ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ් අනුව දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් ‌බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවපවසයි.

Read More

අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා අතර හමුවක් පවත්වා තිබේ. අද පස්වරුවේ පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීම හා සමාජ ආර්ථික සංවර්ධනය පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය චීනය ලබාදෙන බවට චීන තානාපතිවරයා මෙයිදී ප්‍රකාශ කර තිබේ.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී උවද රාජ්‍ය හා පෞද්ගලික ඔසුසැල් හා සාත්තු නිවාස විවෘතව තබා ගැනිමට අවසර දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය අවසර දී තිබේ.

Read More

කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට සහ නෝටන්බ්‍රිජ් , ලක්ෂපාන යන ප්‍රදේශවලට ඊයේ (12දා) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමන බවත්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

එසේම ඔහු රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වීම හෙතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවන් වෙත රුපියල් ලක්ස 50ක මුදලක් පරිත්‍යාග කිරීමටද කටයුතු කර තිබේ

Read More

වෙසක් පුන් පොහෝ දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් හෙට (14දා) පැය පහක විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ. මෙහිදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කිරීමට ගෝපාල් භගලේ මහතා කටයුතු කර තිබේ.

Read More

ඉන්දියාවට වීසා නිකුත් කිරීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය හෝ සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් අත්හිටුවා ඇති බවට වන ප්‍රචාර මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.

Read More

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේ රජයට එක්නොවුණත් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග සඳහා සහාය දක්වා සිටින බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස තමන්ට හිමි වැටුප් හා සියලු දිමනා මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මාස 6ක කාලසිමක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කිරීමට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ඒ බව දන්වමින් ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපයක්ද යොමුකර තිබේ.

Read More

ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (13) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අද දිනයේදි රුපියල තරමක ශක්තිමත් තත්ත්වයක් අද පෙන්නුම් කළේය. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදි ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල තරමක පහළ බැසීමක් පෙන්නුම් කර තිබේ. ඊයේ දිනයේදී රුපියල් 380කට ආසන්න අගයක තිබූ ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 365කට ආසන්න අගයකට පහළ බැස තිබේ.

Read More

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරී ආරම්භ කළේය.

Read More

කොළඹ - මීගමුව මාර්ගය මහබාගෙන් අවහිර කරමින් ප්‍ර දේශවාසීන් විරෝධතාවක නිරතව සිටියි. ගෑස් ඉල්ලා ඔවුන් මෙම විරෝධතාව පවත්වයි.

Read More

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අද (13) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙසින් කටයුතු කිරිමට නියමිතය

Read More

නව රජයේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමට පෙරාතුව පත්කිරීමට යෝජිත බව වාර්තා වෙයි. එසේම එලෙස පත්කිරීමට යෝජිත අමාත්‍ය මණ්ඩලය 20 දෙනෙකුට සීමා කිරීමටද නියමිතය.

Read More

යුක්රේනය තුළ මෙම මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ දැඩි අධීක්ෂණයක් ඉල්ලා සිටින බැවින්, ඇමෙරිකාව පිරිනමන ඇ.ඩො.බිලියන 40ක ආධාර පැකේජය ප්‍රමාද වෙයි.

Read More

අරලිය ගහ මන්දිරය හා ගාලුමුවදොර ප්‍ර දේශයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් පහරකෑමට ලක්වූ හා තුවාල ලැබූ පුද්ගලයන් මෙන්ම හානි වූ දේපළ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කලින් සිතුවාට වඩා දියරමය ජලය අඟහරු ග්‍රහයා මත බොහෝ කාලයක් පැවතිය හැකි බව අඟවන උපකල්පනයන් තවත් වර්ධනය වීමට මෙම සොයාගැනීම් දායක වේ.

Read More

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා අද (12) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබේ.

Read More

ජනාධිපති ජෝ බයිඩන්‍ගේ ආසියානු සංචාරයට සමගාමීව ප්යොන්ග්යැන්ග් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකළ හැකි බව වොෂිංටනය අනාවැකි පළ කරයි.

Read More

1939දී දී මන්ත්‍රී ආසන 4ක සහයෝගයෙන් මහා බ්‍රිතාන්‍ය ‌යේ අග්‍රමාත්‍යවරයා ලෙස වින්ස්ටන් චර්චිල් පත්වූ බවත් ඔහු ඒසේ පත්වූයෙ අර්බුද හේතුවෙන් බවත් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා නැවත ශක්තිමත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබෙන අසීරු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම පිළිබඳව ඔහුට සුබ පැතුම් එක්කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

හෙට දිනයේදි පැය 8කට ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව හෙට පෙරවරු 6.00 ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබේ.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් මහත්මිය පවසයි.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.