රාජපක්ෂලා ඇතුළු ඔහුගේ අනුගාමිකයින් වැල්පාලමෙනේ එගොඩ කළ ජනපති රනිල් වික්‍රමසිංහ සමස්ත ජනතාවම හෙළට තල්ලුකර ඇතැයි සමඟි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (28) බුත්තල ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිට ඉසුරු සම්මන්ත්රණ ශාලාවේදී පැවති සමඟි ජනබලවේගයේ බුත්තල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් පැවසීය.
මොනරාගල දිස්ත්‍රික් පා.ම ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන මහතා මෙම රැස්වීම සංවිධානයකර තිබුණු අතර දෙදහසකට ආසන්න පිරිසක් සහභාගීවී සිටියහ.
"වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර වියයුතු බව කීවත් මේවන විට වැල්පාලමෙන් එතෙරවී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජ මිතුරන් පමණයි.
ලක්ෂ 220 ක්වූ රටේ සමස්ත ජනතාව වැල්පාලමෙන් හෙළට තල්ලුකළා. ජනාධිපතිවරයා කොමඩියක් වෙලා. ආණ්ඩුව මගඩියක්.
රට ගොඩනැගීම සඳහා නව ජනවරමක් අවශ්‍යයි. රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා රාමුවෙන් පිටත සිතමින් නව ක්‍රමවේදයන් සඳහා ප්‍රවේශයක් ලබාගත යුතුයි.
රජය වහාම ජනතා අපේක්ෂාවන් ඉටුකළ යුතුයි. ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක්.අපි ආණ්ඩුවට බලකර සිටිනවා මැතිවරණයක් පවත්වන ලෙස. සමඟි ජනබලවේගය ජනතාවට නායකත්වය දීමට සූදානම්. ගොවීන්ගේ කම්කරුවන්ගේ කාන්තාවන්ගේ සහ ළමයින්ගේ ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට හැකියාව අපට තියෙනවා.එබැවින් සමඟි ජනබලවේගය සමඟ එක්වන ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."
මොණරාගල සුමනසිරි ගුණතිලක