දිවයින පුරා සහල් නිෂ්පාදකයින්ගේ සහල් එක්රැස් කර රුපියල් කෝටි ගණනාවක අගරු චෙක්පත් ලබාදී ජනතාව භීතියට පත් කරගෙන සිටි මීගමුව හාල් සමීර නොහොත් ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් නමැත්තා විදේශ රටවල නිෂ්පාදිත ගිනි අවි හා තියුණු ආයුධයක් සහ ජීව උණ්ඩ රැසක් සමග මිනුවන්ගොඩ කෙසෙල් කොටුව පට්ටඩුවන නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකාර පුද්ගලයා සමඟ එම නිවසේ තැන තැන සඟවා තිබූ ඉතාලියේ නිෂ්පාදිත අංක සඳහන් කර නොමැති රිවෝල්වර 2 ක්, චීනයේ නිෂ්පාදිත ශොට් ගන් 01 ක් , තහනම් කඩුවක්,මිලි මිටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් , 0.38 වර්ගයේ ජීව උණ්ඩ 2 ක් හා බෝර 12 ජීව උණ්ඩ 11 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශය සිදුකළ වැටලීමකදී ය.
සැකකාර පුද්ගලයාට එරෙහිව හා මුදල් වංචා කිරීම හා නීති විරෝධී කටයුතු රැසක් සම්බන්ධයෙන් නාඋල ,මාරවිල ,කුලියාපිටිය හම්බන්තොට හා මීගමුව හා මහව මහේස්ත්‍රාත් අධිකරණ වල නඩු රැසක් තිබෙන බවත් බන්ධනාගාරගතව සිට ඇප මත සිටින්නේ බවක් සිටින බවත් පොලිසිය කියයි.
ඊට අමතරව සැකකරු කටාන හා කොච්චිකඩේ ප්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදෙන අයෙක් බවද පොලිසිය කියයි.
මීගමුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිසිය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර,මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි වි ජි ඩි ආර් කරුණාරත්න බුද්ධි හා විශේෂ මෙහෙයුම් මත්ද්‍රව්‍ය නාශක සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති එච් වි එල් විජය රත්න මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
