මතුගම ප්රදේශයේ පාතල කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් ඊයේ (23දා) රාත්රි පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බවත්, තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් මතුගම පොලිසිය පවසයි.
මතුගම, බෝපිටිය පාසල අසල දී නාදුනන පිරිසක් විසින් පහරදීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම , බෝපිටිය ප්රදේශයේ පදිංචිව සිටී වඩුම්මුනිගේ දොන් ඉන්දික තුෂාර නමැති 39 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැත්තෑව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය
