වී මිල අඩුවීම පිළිබඳව ගොවියා දැඩි අර්බුදයකින් පසුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
එසේම තමන් ජනාධිපතිවරයා සිටි කාලේ පොලොන්නරුවේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නටබුන් වීමත් තමන් පාර්ලිමේන්තුව සමඟත් රජය සමඟත් මාධ්‍යයටත් දැඩිව කතා කරන බවත් එය තමන්ගේ වරදක් නොවන බවත් ඔහු පැවැසීය.
මේ අනුය පොළොන්නරුවේ ඉදි කරන ලද පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය මේ වන විට වල් බිහිවෙමින් පවතින අතර ඒ පිළිබඳව හදිසියේ දැනුවත් කිරීමට මාධ්‍යවේදීන් පොළොන්නරුවේ දී හමුවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
"පොලොන්නරුවේ ජනතාව දන්නවා මම අති විශාල වැඩ කොටසක් කෙරුවා කියන එක.ඒව මං එකිනෙක කියන්න යන්නෑ දැන් අගෝස්තු මාසේ වෙලා නමුත් පොලොන්නරුවේ වැව් පිරිලා ඇලවල් ඔක්කොම ගලාගෙන යනවා. එහෙම වෙලා තියෙන්නෙ මොරගහ කන්ද කලු ගග ජලාශ හදපු නිසා. මම දැන් දිස්ත්‍රික්කයේ ගම්මාන වල හැම තැනම ඊයේ පෙරේදා ගියා විශේෂයෙන්ම වී මිල අඩුවීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා.
මඩකලපුවේ දිස්ත්‍රික්කයේ ගොවීන් ඇවිල්ල පෙරේදා මාව හම්බුනා ඒ ගොවි සංවිධානවල නියෝජිතයින්. අක්කරයක් කරපු වහාම රුපියල් ලක්ෂයක් පාඩුයි කියලා ඒ අය කියනවා.දැන් පොළොන්නරුවේත් හැමතැනම ගොවීන් කියන්නේ වී වලින් මෙච්චර මෙච්චර පාඩු වෙනවා කියලා.ඉතින් ඒ නිසා ගොවියා බරපතළ අමාරුවක වැටිලා තිබෙනවා.
මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු කරලා මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුකර එය ගොවිජනතාවට සහනයක් දෙන්න නැත්නම් ලබන කන්නේ ගොවීන් ගොවිතැන් කටයුතු කරන්නේ නැහැ.
එතකොට ලංකාවේ සම්පූර්ණයෙන්ම සහල් නිෂ්පාදනය නැතිව යනවා."