සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩ කඩ අවම මට්ටමක පවතින බවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ස්වාධීන පක්ෂ එකමුතුව පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
රටේ තත්ත්වය බලලා දේශපාලන පක්ෂවලට එකතුවී රට ගොඩනැගීම සඳහා කැපවීමක් කිරීමට තරම් පුළුල් වූ මනසක් නොමැති බවත් ජනාධිපතිවරයාටද ඒ වෙනුවෙන් වුවමනාවක් සහ වැඩපිළිවෙලක් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.