ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (24දා) පෙරවරුවේ සිදු විය.
ජපාන අධිරාජ්‍යයා වන හිරොනොමියා නරහිතෝ (HironomiaNarahito) මහතාගේ සුභාශීංසන පළමුව රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමූ ජපාන තානාපතිවරයා එතුමා සමග සුහද කතා බහක නිරත විය.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා “සැන්ප්රැන්සිස්කෝ සාම සමුළුව” අමතා වසර 70ක් සපිරීම නිමිත්තෙන් ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කරන විශේෂ සැමරුම් වැඩසටහනක් එළැඹෙන සැප්තැම්බර් 06 වනදා පැවැත්වෙන අතර එම කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.