අම්බලන්තොට නෝනාගම ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. ඊයේ (23දා) රාත්රී අම්බලන්තොට දෙස සිට හුංගම දෙසට ධාවනය කළ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව නෝනාගම වැවට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
තුවාල කරුගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය සදහන් කලේය. හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
