ධීවර ජනතාවට ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
ජනාධිපතිවරයා තමාට දුරකතනයෙන් මේ බව දැනුම් දුන් බව අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා රටපුරා ධීවර ප්‍රජාවගේ නායකයන් කැඳවා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව ඊයේ (23දා) දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
මෙහිදී ධිවර නියෝජිතයින් විසින් ධිවර ජනතාව මුහුණ පා ඇති ගැටළු හා ඉන්ධන හා භූමිතෙල් මිළ ඉහළ යාම නිසා පැණ නැගී ඇති තත්වය පිළිබදව අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කරන ලදි.
මෙම අවස්ථාවේදී ධිවර අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කලද එතුමා විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමක සිටි බැවින් සම්බන්ධ කර ගැනීමට නොහැකි වු අතර පසුව එදින රාත්‍රී ජනාධිපතිවරයා ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා අමතා ඉහත පොරොන්දුව ලබාදී තිබේ.