2022.03.31 සහ 2022.05.15 යන අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.
ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබස් රථ ධාවනය සඳහා අවශ්‍ය අවශ්‍ය ඩීසල් නිසි පරිදි නොමැතිවීම හේතුවෙන් සියලුම පෞද්ගලික බස් රථ ලබන සඳුදා (6) සිට ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
Read Moreඉන්ධන මිල ඉහළ දැමූවද තවමත් පෙට්‍රල් ලීටරයකින් රුපියලක් රජයට පාඩු වන බවට බල ශක්ති අමාත්‍යවරයා පැවසීමෙන් අනතුරුව, අනුරාධපුර නගරයේ තරුණයන් පිරිසක් අනුරාධපුර ඉන්ධන පිරවුම්හල් අසල කැටයක් තබා ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන අයගෙන් රුපියල බැගින් එකතු කරන ලද මුදල, තැපැල් මාර්ගයෙන් (මනිඕඩරයක්) අමාත්‍යවරයාගේ නමට යැවීමට ඊයේ (31දා) කටයුතු කළහ.
Read Moreසියලුම වර්ගයේ මත්පැන් වල මිල අද (01දා) සිට ඉහළ දමා ඇති බව DCSL සමාගම සඳහන් කරයි.සියලුම දේශීය සිගරට් වර්ග වල මිල ද අද (01දා) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ද වාර්තා වේ.
Read Moreබණ්ඩාරගම අටුලුගම 09 හැවිරිදි දැරියක් කෘෘර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරු යළිත් 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියේාග කළේය.
Read Moreරට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ණය නොවන විදේශ විනිමය හැකිතාක් රට තුළට ගෙන ආ යුතුව තිබෙන බැවින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ, බැංකු හරහා තමන් උපයන විදේශ විනිමය රටට ලබාදෙන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය සාමකාමී උද්ඝෝෂණයට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු 11ක් යළි බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් අමාත්‍යධුර ලබා ගන්නා පිරිස පක්ෂයේ දරණ තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
Read Moreප්‍රදේශ රැසකට බල පෑ තද වැසි සහ සුළං සහිත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පවුල් 2,672 කට අයත් 12,326ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේදී නිර්දේශ කළේය.
Read Moreශ්‍රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවිඳු ප්‍රනාන්දු, ළහිරු මධුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කුස්න රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තික්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්
Read Moreවගාවට යැයි කියමින් කැබිලිත්ත වනාන්තරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට මොණරාගල ඇතැම් පුද්ගලයින් ඊයේ (31දා) සහ අද (01දා) තුළ උත්සාහ දරමින් සිටින බව වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
Read Moreකන්දෙ විහාරයේ භාරකාරිත්වය යටතේ සිටින මුතු රාජා නැමැති හස්තියා මේ වන විට රොගාතුරව සිටින බවත් මෙම හස්තියාට වගකිවයුතු වෛද්‍යවරයෙක් විසින් ප්‍රථිකාර නොකලහොත් හස්තියාගේ තත්වය බරපතල විය හැකි බව පාරසරික හා සංසකෘතික අධ්‍යන මධ්‍යස්ථානයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුජීව ජාසිංහ මහතා පැවසිය.
Read Moreඅත්අඩංගුවට ගැනීම වෙනුවෙන් සොයමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවර්ධන පුර රෝහල වෙත ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ කණ්ඩායමක් මේ වන විට ජයවර්ධනපුර රෝහලට ගමන් කරමින් සිටින බවද වාර්තා වෙයි.
Read Moreහෝමාගම පිටිපන අති සුඛෝපභෝගී නිවසක සිවිලිමක් තුළ නීති විරෝධී මත්පැන් ජාවාරම සිදුකළ පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (31දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
Read MoreHS ඛේත 369ක භාණ්ඩ ආනයන කිරීමට පනවා තිබූ බාධා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අදාල භාණ්ඩ ජුනි 01 දා සිට ආනයනය කිරීමට අවසර ලැබෙන නමුත් ඒ වෙනුවෙන් පනවා ඇති බදු, රෙගුලාසි හා රීති තවදුරටත් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreරටම අසරණ වී සිටින මෙවන් අවස්ථාවක ඉන්දියාවෙන් දුන් සහනාධාර මල්ල බදාගෙන දේශපාලනය කිරීමට නොයන ලෙස ජීවන් තොණ්ඩමන් මහතාට තරයේ කියා සිටින බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පවසයි .
Read Moreමේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මත මෙම ශාලාව, විභාග ශාලාවක් ලෙස තෝරාගැනීමත් වැසි සහිත අවස්ථාවක ක්ෂණික පියවර ගෙන ශාලාව වෙනස් නොකිරීමත් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දිනැම් දී තිබේ.
Read Moreයුද හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතා අද (01දා) උදෑසන එම ධූරයේ වැඩභාරගත්තේය.ඔහු 24වන යුද හමුදාපතිවරයා වෙයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර වේල පිළිබඳව හෙට දිනයේදී තින්දුවක් ගැනීමට නියමිතව තිබේ.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
Read Moreමෙම වසරේ ගත වූ මාස පහ තුල පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් HIV-ඒඩ්ස් වෛරසය ශරීරයට ඇතුළු වී එච්.අයි.වී. ආසාධිත වූවන් 13 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ලිංගික සෞඛ්‍ය සේවා පිළිබඳ අනුරාධපුර මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් මහත්මිය සඳහන් කරයි.
Read Moreපවතින ධාරානිපාත වර්ෂාව නිසා ගිංගඟ පිටාර ගැලීමෙන් හිනිදුම ප්‍රදේශයේ මාර්ග සහ නිවාස ජලයෙන්යටවී ප්‍රදේශවාසීහු දැඩිපීඩාවට පත්වී සිටිති.
Read Moreකුරුවිට ගොකරඇල ප්‍රධාන මාර්ගයේ ගෝනපිටිය ප්‍රදේශයේ ගංවතුරට යටවි තිබූ මාර්ගයේ වතුරේ ගමන් කළ දෙදරු පියෙක් මීගහමුල්ල ඇලේ සැඩ පහරට ගසායාමෙන් මියගොස් ඇති බව අද (01දා) කුරුවිට පොලිසිය පැවසුවේය.
Read Moreඅධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගය පුවතක් මන්නාරමින් වාර්ත වී තිබේ.
Read Moreතීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කල රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා රන් මාලයක් සමග කාන්තාවන් දෙදෙනකු සහ පුද්ගලයකු දෙහිවල, සමගි මාවතේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
Read Moreආණ්ඩු පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුට අයත් මත්පැන් කම්හල් දෙකකින් හානිකර සහ ප්‍රමිතියෙන් තොර මත් පැන් තොගයක් රජයේ රස පරීක්ෂක වාර්තාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීමේ සිදුවීමක් ඩේලිමිරර් වාර්තා කරයි.
Read Moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවදානම සහිත ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීමට අද (01දා) උදෑසන වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
Read More