ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් සඳහා නීත්යානුකූලවව සේවයෙන් ඉවත්විම සඳහා නොවැම්බර් 15 දා සිටි දෙසැම්බර් 31 දා තෙක් මාස එක හමාරක පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අනුව 2022-10-25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවලුන් සඳහා පමණක් මෙම පොදු සමාකාලය වලංගු වෙයි. ඔවුන් විසින් හමුදාවට ගෙවිය යුතු මුදලක් වේ නම් පමණක් ඒම මුදල් ගෙවිමටද ඔවුන් කටයුතු කළ යුතු වෙයි.