ක්‍රිප්ටෝ මුදල් වල ආයෝජනය කිරීමට යැයි සඳහන් කරමින් පුද්ගලයින් 8,000කගේ පමණ මුදල් රුපියල් බිලියන 14ක පමණ වංචා කිරීමේ සිදුවිමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, චීන ජාතික යුවලක් සහ ශ්‍රී ලාංකික පුරවැසියෙකු විසින් මෙම වංචාව සිදු කර ඇති බවත්, 2020 වසරේ සිට මේ දක්වා පුද්ගලයන් 8,000ක් ඊට ගොදුරු වී ඇති බවත්ය.
සැකකරුවන් විසින් තෝරාගත් පුද්ගලයින්ට තරු පහේ හෝටල්වලට ආරාධනා කර ඇති අතර, ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය කිරීමෙන් ඉහළ ලාභයක් ලැබෙන බවට එම හමුවීම් වලදි ප්‍රකාශකර තිබේ.
මෙම වංචාවේ මහ මොළකරුවන් වී ඇත්තේ චීන ජාතික යුවළ සහ ශ්‍රී ලාංකිකයා බවත්, ඔවුන් සුඛෝපභෝගී රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කිරීමෙන් වින්දිතයන්ගේ විශ්වාසය දිනාගත් බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ආයෝජකයින් එම ආයෝජන හරහා උපයාගත් ලාභය ඉවත් කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරුවන් මුදල් ආපසු ගැනීමට ඉඩ ලබාදී නොමැත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා විමර්ශන අංශයට පැමිණිලි රැසක් අනුව කරනු ලැබූ දීර්ඝ විමර්ශනයකදී සැකකාර චීන ජාතික යුවළ ඔවුන් රටින් පැන යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත. චීන ජාතික යුවල මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම වංචාවට සම්බන්ධ ශ්‍රී ලාංකිකයා පසුගිය ඔක්තෝබර් 11 වැනිදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
මේ අතර, මෙම වංචාව සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.