Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උලළේ දී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත්වී තිබේ.
ඉදිරිපත් ව තිබූ අනෙකුත් ව්‍යාපෘති 118ක් අභිබවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ‘මතක’ ව්‍යාපෘතිය මෙලෙස සම්මානයට පාත්‍ර විය.
මෙම නව ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉවතලන නිල ඇඳුම් සහ ගුවන් යානා අභ්‍යන්තර කොටස් ආදී අපද්‍රව්‍ය යොදාගෙන ‘මතක’ සන්නාමය යටතේ සංචාරක බෑග්, මුදල් පසුම්බි, පොත්පත්, යතුරු රඳවන සහ ආභරණ ඇතුළු දෑ නිෂ්පාදනය කරයි.
